spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් වෙසින් පැමිණ බලපිටිය විහාරාධිපතිගෙන් ලක්ෂ 50ක් ඉල්ලු හොරු

පොලිස් වෙසින් පැමිණ බලපිටිය විහාරස්ථානයක නායක හිමියන්ගෙන් රුපියල් ලක්ෂ 50ක කප්පමක් ලබා ගැනීමට උත්සාහ කළ කණ්ඩායමක් ඊයේ (18) හවස පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරුවන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ පලාත් පාලන ආයතනයක මන්ත්‍රිවරයෙකු සිටින බවයි එහි මූලික විමර්ශනයේදී අනාවරණය වුයේ.

ගාල්ල බලපිටිය යෝගාශ්‍රම විහාරාධිපති හමුවට පැමිණි පිරිසක් විසින් ඔවුන්ව හඳුන්වා දී ඇත්තේ බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ පොලිස්පති කාර්යාලයේ විශේෂ කණ්ඩායමක් ලෙසයි, විහාරාධිපතිට විවිධ චෝදනා ඇති බැවින් අත්අඩංගුවට ගත හැකි බැවින් එසේ නොකර සිටීමට රුපියල් ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත් එය උන්වහන්සේ ප්‍රතික්ෂේප කිරීමත් සමග තරමක කතාබහක් ඇති වී ඇති අතර දායක සභාවේ පිරිසක්ද එහි පැමිණ තිබෙනවා. ඒ සමඟම ඔවුන් එයින් පිටව ගොස් තිබෙනවා.

පසුව කළ විමර්ශනයකට අනුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර පොලිස් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලනය මන්ත්‍රීවරයෙකු සහ තවත් පිරිසක් ද සිට තිබෙනවා. ඔවුන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්වීමට නියමිතයි.

https://www.youtube.com/watch?v=EgonUa8nHgA&feature=youtu.be
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?