හිටි හැටියේ වාස්ට මොකද වුණේ තවත් තනතුරක් අතහරී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කළ චමින්ද වාස් එම තනතුරින් පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ දැරූ තනතුරින් ද ලබන 26 වන දින සිට ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. තම තනතුරේ ගෙවීම් සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් හේතුවෙන් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ වේගපන්දු පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට ඊයේ (22) තීරණය කළා.

මිට පෙර චමින්ද වාස් ශ්‍රී ලංකා ක්‍රිකට් උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නැගී එන ක්‍රීඩකයන්ගේ වේගපන්දු පුහුණුකරු ලෙසින් කටයුතු කළා. වාස් සමග ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇතැම් බලධාරීන් ඉදිරිපත්ව නොමැති බවත් සංචාරය ගොස් පැමිණි පසු ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ හැකි බවට ප්‍රකාශ කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?