හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීරට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු රාජ්‍ය අමාත්‍යය ප්‍රසන්න රණවීරට ගම්පහ මහාධිකරණය ඇප නියමකර තිබෙනවා.

රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට විකුණුවේ යැයි චෝදනා යටතේයි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ඇප අයදුම අද (30) යළිත් සලකා බලනු ලැබුවා.

ප්‍රසන්න රණවීර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු ඇප ලබා ගැනීම වෙනුවෙන් මහාධිකරණයේදී කරුණු දක්වා සිටියා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලු ගම්පහ මහාධිකරණ විනිසුරුවරිය ප්‍රසන්න රණවීර සහ සරත් එදිරිසිංහ යන සැකකරුවන් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවා.

එහිදී ඒ එක් එක් අය සඳහා ලක්ෂ පහ බැගින් වූ මුදල් ඇප එකක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප පහක් මෙන්ම සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දීමද සිදු කළ යුතු අතර සැකකරුවන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ අංශයේ පෙනී සිටිය යුතුබව ඇප කොන්දේසි ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?