Empty Ad
Empty Ad
AFC Banner

හිටපු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන්ට අපහාස කළ ව්‍යාපාරිකයෙකුට අත්හිටවූ සිරදඬුවම්

හිටපු ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත ප්‍රකාශ වට්ස්ඇප්, ෆේස් බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය නොකරන ලෙසට අධිකරණය මගින් නිකුත් කර තිබූ කොන්දේසි සහිත වාරණ නියෝගයක් කඩ කළ බව කියන මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට මාස 6 ක සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම සිර දඬුවම වසර පහකට අත්හිටුවන ලෙසට ද අද (26) නියෝග කළා.

මන්නාරම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එන්.එම් පාරිස් නමැත්තෙකුට එරෙහිවයි එසේ නියෝග කෙරුණේ.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඉකුත් මහ මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරග වැදුන තමන්ට අපහාසයක් කිරීමේ අරමුණ ඇතිව අදාළ ව්‍යාපාරිකයා තමන්ට එරෙහිව අසත්‍යය ප්‍රකාශ හා හඬ පට වට්ස්ඇප්,ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කර ඇති බව ද එවැනි අපහාසාත්මක අසත්‍ය තොරතුරු රැසක් “මුසාලි සිවිල් පෝරම්” හා “මුසාලි සිවිල් මණ්ඩාරම්” නමැති වට්ස්ඇප් සමූහය ඔස්සේ මුදා හැර ඇති බව ද මස්තාන් මහතා සිය පැමිණිල්ල මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව කාදර් මස්තාන් මහතාට එරෙහිව එවැනි ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කිරීම වළක්වාලමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉකුත් 29 වැනි දින විත්තිකාර පාරිස් නමැත්තාට කොන්දේසි සහිත වාරණ නියෝගයක් ද නිකුත් කළා.

අධිකරණය මගින් ලබා දී තිබූ එම නියෝග කඩ කරමින් ඔහු දිගින් දිගටම පැමිණිලිකාර මස්තාන් මහතාට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අපහාස කරන බවට ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් හා පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විත්තිකාර පාරිස් නමැත්තාට එසේ සිර දඬුවම් නියම කළා.

පැමිණිලිකාර කාදර් මස්තාන් මහතා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාව පිළිබඳව පනතේ 24 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව ගොනුකර තිබුණා.

පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රම්සි භාවා ඇසෝහිසියට් උපදෙස් මත ජනාධිපති නීතිඥ එමි.යූ.එම්.අලි සබ්‍රි හා තලීන් තෆාන්,සුරංග පෙරේරා ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?