ගනේමුල්ල සංජීව ඝාතනට ඇල්ලූ කොස්තාපල් රිමාන්ඩ් – වෙඩික්කරු සහ කාන්තාව එකට සිටින ඡායාරූපයකුත් එළියට

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරියා මාර්තු මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාර පොලිස් නිලධාරියා අද (21) දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම වෙඩික්කරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ප්‍රවාහනය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් රියදුරා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය අවසර ලබා දී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකළ පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබිය දී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

ඊට අමතරව ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට වෙඩික්කරු භාවිත කරන ලද රිවොල්වරයේ ඡායාරූප සහ තවත් පිස්තෝල අවියක ඡායාරූප ද එහි තිබිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ඡායාරූප මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය විසින් සති කිහිපයකට පෙර තමන්ට එවූ බවයි සැකකාර කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ.

ඊට අමතරව මෙම අපරාධ සිද්ධියට සම්බන්ධ මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරියගේ බවට හඳුනාගෙන ඇති අංකයක් ද එම දුරකථනයේ තිබී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරු සහ ඊට සහාය දැක්වූ බව කියන මේ වනවිට අතුරුදන්ව සිටින සැකකාරිය එකට සිටින ඡායාරූපයක් මේ වනවිට සංසරණය වනවා.

WhatsApp Image 2025 02 21 at 4.37.09 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56