මීගමුවේ වෙළඳසැලක් තුළ වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී ගිය හැටි (වීඩියෝ)

මීගමුව ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ දී සිදුකිරීමට ගිය වෙඩි තැබීමක් ව්‍යාර්ථ වී ගොස් තිබෙනවා.

මීගමුව – කාමච්චෝඩය පොළ භූමියේ පිහිටි වෙළෙඳසැලක හිමිකරුවෙක් ඉලක්ක කරගෙන අද (21) දහවල් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ගොස් ඇති බවයි වාර්තා වුණේ.

වෙළඳසැළ තුළට පැමිණෙන වෙඩික්කරු වෙඩි තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ දී ගිනි අවිය ක්‍රියාත්මක නොවී එය ව්‍යර්ථ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එහිදී වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනා පළාගොස් ඇති අතර, සිද්ධිය පිළිබඳව වෙළෙඳසැලේ හිමිකරු විසින් මීගමුව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.