AFC Banner
AFC Banner
Empty Ad

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ රජයෙන් ඉල්ලීමක් කරයි (වීඩියෝ)

දිවුලපිටිය ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අද (05) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා එහිදී ප්‍රකාශ කර සිටියේ ළඟදී පැවැත්වෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්ෂය සමඟ එකතු නොවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විට නාම යෝජනා භාර ගනිමින් සිටින බව ද ඔහු මෙහිදී අදහස් ඉදිරිපත් කළා.

වගකීමකින් කටයුතු කළ නොහැකි පුද්ගලයන්ට තම පක්ෂයේ දොරටු විවෘත නොවන බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අධියරයන් යටතේ පොහොර ලබා දීමට රජය ගත් තීරණය ප්‍රායෝගික නොවන අතර එය නිසි කළට ගොවීන්ට ලබා දෙන ලෙස මොහු රජයෙන් ඉල්ලීමක් කර සිටියා.

එමෙන්ම ජනතාවට දෙන සහනාධාර සම්බන්ධයෙන් තම පක්ෂයේ කිසිඳු විරෝධයක් නොමැති බවත් ඒ පිළිබඳව තම පක්ෂය මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවත් ඔහු මෙහිදී සඳහන් කෙරුණා.

සිදු වූ දූෂණ වංචා පිළිබඳව මෙන්ම රාජපක්ෂ පාලන සමයේ එල්ල කරන ලද දූෂණ වංචා සම්බන්ධයෙන් ද සොයා බලා ඒ පිළිබඳව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී ඉල්ලීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
22
+1
0
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?