හිටපු නීතිපතිගෙන් ප්‍රශ්න කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කෙරේ

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා අත්අඩංගුවට ගැනීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය ජූනි මස 22 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර තිබෙනවා.

හිටපු නීතිපතිවරයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා සඳහන් කළේ මෙම පෙත්සමෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බවයි.

ඒ සඳහා මසක පමණ කාලයක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

එම ඉල්ලීමට පෙත්සම්කාර පාර්ශවය විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව අතිරේක සොලිස්ටර් ජනරාල් වරයාගේ ඉල්ලීමට ඉඩ දුන් විනිසුරු මඩුල්ල පෙත්සම ජුනි මස 22 වැනිදා නැවත කැඳවීමට නියම කලා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ, ජෙයෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්,ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එන්.ඕ. පෙරේරා , ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞෂල්‍යය නවරත්න නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර හිටපු නීතිපතිවරයා පවසන්නේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් කැඳවීමක් සිදුකර ඇති බවයි.

තමා නීතිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට හැකියාව නොමැති බවත් ඒ තුළින් නීතිපතිවරයා සතු වරප්‍රසාද උල්ලංඝනය වීමක් සිදුවන බවත් හිටපු නීතිපතිවරයා සිය පෙත්සමෙන් පවසයි.

එබැවින් තමන්ගෙන් ප්‍රශ්න කිරීම් සහ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම පෙත්සමක ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39