spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජ.වි.පෙ. මන්ත්‍රීවරයෙකු දියේ ගිලී මරුට

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ; හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු
දියේ ගිලී මියගොස් තිබෙනවා.

වැලිපැන්න පොලිසිය පැවසුවේ ඔහුගේ මළසිරුර අද වලල්ලාවිට – බෝපිටිය ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි.

ප්‍රදේශයේ ඇති ඇළකට ඇද වැටීමෙන් මෙම මරණය සිදු ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අයි. ඒ. වීරසිරි නමැති 70 හැවිරිදි අයෙක්.

හිටපු මන්ත්‍රීවරයා වැලිපැන්න – ඌරගොඩ ප්‍රදේශයේ ඔහුගේ මිත්‍රයෙකුගේ නිවසකට ගොස් සිටියදී අනතුරට ලක් ව තිබෙනවා.

ඔහු අතුරුදන් බවට ඊයේ වැලිපැන්න පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු හෙයින් සිදු කළ විමර්ශනයකදියි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිරුර දියෙහි තිබී සොයාගෙන ඇත්තේ.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
18
+1
3
+1
24
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?