හිටපු ජනාධිපති රනිල් බලන්න සජිත් එයි

බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පෙරවරුවේ පැමිණ ඇති බව වාර්තා වනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විදෙස් සංචාරයක් නිමා කරමින් ඊයේ (22) රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති අතර, ඔහු සමඟ විපක්ෂයේ පිරිසක් අද උදෑසන බන්ධනාගාර රෝහලට ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (22) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

ඒ, අනුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු ජනාධිපතිවරයා වෛද්‍යවරුන්ගේ උපදෙස් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමටයි බන්ධනාගාර නිලධාරීන් පසුව කටයුතු කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?