හිටපු ජනපති රනිල් ඇතුළු පිරිසකට එරෙහිව පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට තීරණය කරයි

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ 2024 ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණය පැවැත්වූ 2024 සැප්තැම්බර් 24 වැනිදා තෙක් මාස දෙකක කාලය තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු සහ 2024 වසර තුළ අලුතින් නිකුත් කළ මත්පැන් බලපත්‍රවලට අදාළ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට වැඩිදුරටත් නියෝග කළා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද (03) කැඳවනු ලැබුවා.

මාතලේ ප්‍රදේශයේ පදිංචි තංගවේලු ධනේන්දරාජා ඇතුළු පිරිසක් ගොනු කර තිබු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ඒ. ගුණසිරි, අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.එම්.පී.අරම්පල, නියෝජ්‍ය කොමසාරිස්වරුන් වන සී.ජේ.ඒ වීරක්කොඩි, යූ.ඩී.එන්. ජයවීර සහ මුදල අමාත්‍ය ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරු සහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු 39 දෙනකුට නම් කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි 26 වැනිදා සිට ජනාධිපතිවරණ පැවැති සැප්තැම්බර් 21 වැනිදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනිව යමින් මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ අදාළ බලපත්‍ර අහෝසි කරන්නැයි ඉල්ලා සිටියා.

පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නැයි ද පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියා.

ඉදිරිපත් වු කරුණ සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීිරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
15
+1
0
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10