Update – හිටපු ජනපති රනිල්ගේ නඩුව ඇරඹේ – රනිල් වෙනුවෙන් නීතිඥයින් විශාල පිරිසක් අධිකරණයට

Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බරපතළ ජීවිත අවදානමක් පවතින බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Update – එමෙන්ම එංගලන්ත සංචාරය තුළ දී හිටපු ජනපතිවරයා කිසිම රාජ්‍ය නායකයෙක් මුණ නොගැසුණු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකකනායක ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

Update – එමෙන්ම හිටපු ජනපතිවරයා ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නොමැති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී කරුණු දක්වමින් පැවසුවා.

Update – නඩු විභාගය අවසන් වනතුරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී සඳහන් කළා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ නීති කෘත්‍යය මේ වන විර ආරම්භ වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල නීතිඥයින් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි අධිකරණයෙන් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ද යොදවා සිටිනවා.

එමෙන්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන විශාල පිරිසක් අධිකරණය පිවිසෙන මාර්ගයේ රැඳී සිටිනවා.

මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
4
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංකාවේ තෙල් ප්‍රශ්නෙටත් විසඳුම්..? සුබ පණිවිඩය මෙරටට රැගෙන ආ රුසියානු නි.ඇමති
01:28
Video thumbnail
අසීරු ඕනෑම අවස්ථාවකදී සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් බව රුසියානු නි. අමාත්‍ය කියයි
01:33
Video thumbnail
බස් රථ ධාවනය නොකරන ලෙසට බස් රියදුරන්ට සත්තම දැමූ තිදෙනෙක්ට වැඩ වරදියි
01:09
Video thumbnail
ජනපතිගෙයි, වසන්තගෙන් පාසලට ගිහින් සුසිල් රණසිංහ කිව්ව දේ..ජීවිතය අභියෝග මැදින් තමයි සාර්ථක වෙන්නේ
05:52
Video thumbnail
ශානිගේ සියළු චිත්‍රපටි Fail..පොඩි ආතල් එකක් ගන්න ඔයා..අනුර දකින හීනය දවල් හීනයක් විතරයි
04:14
Video thumbnail
රාහුල හිමි ජනපති ඉස්සරහම කිව්ව සැර කතාව..පුටු රත් කරනවට වඩා ගොඩක් වැඩ තියෙනවා
02:10
Video thumbnail
ඒ කාලේ මට JVP කාරයෙක් කිව්වා..මම සැලුනේ නෑ..රාහුල හිමි නලින්දට ප්‍රශංසා කරපු හැටි
04:51
Video thumbnail
ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
02:31
Video thumbnail
ආණ්ඩුව කරන්නේ මිනිස්සුන්ගෙන් ගසා කන එක..රටේ තත්ත්වය ගන්නම දෙයක් නෑ
02:07
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රී ඇතුළු ප්‍රබලයින් රැසක්ම එකට හමුවෙයි
03:40