Update – හිටපු ජනපති රනිල්ගේ නඩුව ඇරඹේ – රනිල් වෙනුවෙන් නීතිඥයින් විශාල පිරිසක් අධිකරණයට

Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බරපතළ ජීවිත අවදානමක් පවතින බව ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළා.

Update – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වත්මන් සෞඛ්‍යය තත්ත්වය සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

Update – එමෙන්ම එංගලන්ත සංචාරය තුළ දී හිටපු ජනපතිවරයා කිසිම රාජ්‍ය නායකයෙක් මුණ නොගැසුණු බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකකනායක ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇති බවත් දිලීප පීරිස් මහතා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළා.

Update – එමෙන්ම හිටපු ජනපතිවරයා ඉදිරිපත් කළ ආරාධනා පත්‍රයට නෛතික පිළිගැනීමක් නොමැති බවත්, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී කරුණු දක්වමින් පැවසුවා.

Update – නඩු විභාගය අවසන් වනතුරු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඇප නොදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයේ දී සඳහන් කළා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින රක්ෂිත බන්ධනාගාර ගත කර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පිළිබඳ නීති කෘත්‍යය මේ වන විර ආරම්භ වී තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී යි.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විශාල නීතිඥයින් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි අධිකරණයෙන් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට පොලිස්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන ඒකකයේ නිලධාරීන් ද යොදවා සිටිනවා.

එමෙන්ම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන විශාල පිරිසක් අධිකරණය පිවිසෙන මාර්ගයේ රැඳී සිටිනවා.

මේ අතර හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
4
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23


?