AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක් ගැන ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කෘෂි රසායන සමාගම් වලින් යැපෙන බවත් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද සනාථ කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිට පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්ව පැමිණ පසු පැවැති සාකච්ඡාවකදී “ඩොක්ටර් ඔයාලනම් ප්‍රයිවට් පැක්ට්‍රිස් කරන යන්නේ සවස හතරනේ පස්සේ මම හිටපු අමාත්‍යාංශයේ උදේ ඉඳලම ප්‍රයිවට් පැක්ට්‍රිස්” යැයි ප්‍රකාශ කළ බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙන්නේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තමාද සහභාගී වූ සාකච්ඡාවේදී තමන්ට වැටහුණ දෙයක් තිබූ බවත් ඒ එම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දන්නෙත් නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න පවා සූදානම් නැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

ගොවිජන සේවා කාර්යාලවල පෝස්ටර් අලවා තිබුණේ කෘෂි රසායන සමාගම්වලින් බවත් පසුව ඒවා ගලවා දැමූ බවත් ඔහු සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?