හිටපු ජනපති මෛත්‍රී කී රහසක් වෛද්‍ය පාදෙණිය හෙළි කරයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ විට තමන්ට විශේෂ කාරණයක් ගැන ප්‍රකාශ කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් පිරිස් කෘෂි රසායන සමාගම් වලින් යැපෙන බවත් එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද සනාථ කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිට පසුව සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත්ව පැමිණ පසු පැවැති සාකච්ඡාවකදී “ඩොක්ටර් ඔයාලනම් ප්‍රයිවට් පැක්ට්‍රිස් කරන යන්නේ සවස හතරනේ පස්සේ මම හිටපු අමාත්‍යාංශයේ උදේ ඉඳලම ප්‍රයිවට් පැක්ට්‍රිස්” යැයි ප්‍රකාශ කළ බවයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දෙන්නේ. 

කෘෂිකර්ම අමාත්‍යාංශයේ තමාද සහභාගී වූ සාකච්ඡාවේදී තමන්ට වැටහුණ දෙයක් තිබූ බවත් ඒ එම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් දන්නෙත් නෑ දන්න කෙනෙක්ගෙන් අහන්න පවා සූදානම් නැති බවත් වෛද්‍යවරයා සඳහන් කළා.

ගොවිජන සේවා කාර්යාලවල පෝස්ටර් අලවා තිබුණේ කෘෂි රසායන සමාගම්වලින් බවත් පසුව ඒවා ගලවා දැමූ බවත් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි..ජනතාවට කිසිම හානියක් වෙන්නේ නෑ - 159ක් තෝරලා එව්වේ මේකට
06:54
Video thumbnail
නබිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සැරසුණු කොළඹ මහනගර සභාව
00:42
Video thumbnail
අනුරගේ ඇඟ පුරා මොළේ කියලා හිතාගෙන හිටියේ - පුස්සක්නේ
11:35
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධව පාරට බැස්ස පිරිසගෙන් රතු එළියක්
03:28
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම
01:42
Video thumbnail
නීතිඥයින්ගෙන් විපක්ෂයට දැඩි චෝදනා ?වරප්‍රසාදවලට මුවාවෙලා මේ කරන්නේ අපහාසයක්
06:32
Video thumbnail
හොරට වී කිරපු මුදලාලිට ගොවියෝ එකතුවෙලා උගන්නපු පාඩම - එක උරයකින් 20kg වංචා කරනවා
07:26
Video thumbnail
අනේ ප්ලීස් අනුර.. අනේ ප්ලීස්
15:36
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ දැඩි රථවාහන තදබදයක්
01:43
Video thumbnail
වාහනයක ගැටෙන්න ගිය අලි පැටියාව බේරාගන්න අලි අම්මා කරපු වැඩේ
00:30