හිටපු ජනපති මෛත්‍රී සතුටින්

දහසක් අභියෝග මැද ශ්‍රී ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව තමා තුළ ඇත්තේ නිරහංකාර ආඩම්බරයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

වාන් දමමින් පවතින මොරගහකන්ද කුලසිංහ ජලාශය නැරඹීමට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේබව සඳහන් කර ඇත්තේ. එම සංචාරය පිළිබඳ ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

ඔහු එමගින් ප්‍රකාශ කර ඇත්තේ රටටම බත සපයන රජරට ගොවි නියම්ගම් ජලයෙන් සුපෝෂණය කරමින් රන් ජලකඳ ගලා යන්නේ දශක ගණනාවක රජර‌ට ගොවීන්ගේ කඳුළු කතාවේ අවසානය සනිටුහන් කරමින් බවයි.

මෙම සුවිසල් ජලාශ ද්විත්වයේ රන් ජලකඳ දෙස බලමින් තමා සිහි කරන්නේ කර්කෂ රජරට ගොවි පවුලක ඉපිද රටටම නායකත්වය දීමට ලැබුණු භාග්‍ය සේම, අපරිමිත වෙහෙසක් දරා තම ජීවය රැකගන්නා දහස් ගණන් ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට ලැබුණු මහඟු අවස්ථාවේ සංතෘෂ්ටිය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

මෙම ජලාශ ද්විත්වය ඔස්සේ ගොවි බිම් කරා පියනගන්නේ ජලය සමග මුසු වූ තමාගේ කෘතඥ පූර්වක යුතුකමේ ආශිර්වාදය බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනයත් සමඟ ජලාශ වාන් දමමින් පවතිනවා. එම ජලාශ අතර මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය ද වනවා.

මෙම ජලාශ ද්විත්වය ගොඩනැඟීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයේ විශේෂ මැදිහත්වීමක් කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තම ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්..

Maithreepala Sirisena FB

රටටම බත සපයන රජරට ගොවි නියම්ගම් ජලයෙන් සුපෝෂණය කරමින් රන් ජලකඳ ගලා යන්නේ දශක ගණනාවක රජර‌ට ගොවීන්ගේ කඳුළු කතාවේ අවසානය සනිටුහන් කරමිනි.

දහසක් අභියෝග මැද ලංකා ඉතිහාසයේ විශ්මිත වාරි නිපැයුම් ද්විත්වය මොරගහකන්ද කුලසිංහ ජලාශය සහ කළුගඟ ජලාශය අහිසංක ‌ගොවි ජනතාව වෙනුවෙන් දායාද කිරීමට ලැබීම පිළිබඳව මා හට ඇත්තේ නිරහංකාර ආඩම්බරයකි.

මෙම සුවිසල් ජලාශ ද්විත්වයේ රන් ජලකඳ දෙස බලමින් මා සිහි කරන්නේ කර්කෂ රජරට ගොවි පවුලක ඉපිද රටටම නායකත්වය දීමට ලැබුණු භාග්‍ය සේම, අපරිමිත වෙහෙසක් දරා තම ජීවය රැකගන්නා දහස් ගණන් ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට මා හට ලැබුණු මහඟු අවස්ථාවේ සංතෘෂ්ටියයි.

මෙම ජලාශ ද්විත්වය ඔස්සේ ගොවි බිම් කරා පියනගන්නේ ජලය සමග මුසු වූ මාගේ කෘතඥ පූර්වක යුතුකමේ ආශිර්වාදයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?