හිටපු ජනපති ගෝඨාභය වෙනුවෙන් පෞද්ගලික ලේකම්ගෙන් දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි.

හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නොමැති බවයි පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයට ද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් භාවිත කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පමණයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආහාරපානවලට රුපියල් නව ලක්ෂ 50,000ක් රජය විසින් දරන බවට පලවන වාර්තාද අසත්‍ය බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

“1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” මඟින් ජනාධිපතිවරයෙකු විශ්‍රාම යෑමෙන් පසු ලැබිය යුතු දීමනා, මූල්‍ය සහ වෙනත් ප්‍රතිපාදන පිළිබඳ පැහැදිළිව දක්වා තිබෙන අතර හිටපු සෑම ජනාධිපතිවරයෙකු වෙනුවෙන්ම වෙන් කෙරෙන එම මූල්‍ය ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිදු මූල්‍යමය ප්‍රතිපාදනයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහා වෙන් කර නොමැති බව වගකීමෙන් යුතුව පෙන්වා දෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?