හිටපු ජනපති ගෝඨාභය වෙනුවෙන් පෞද්ගලික ලේකම්ගෙන් දැනුම්දීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාහන 19ක් පෞද්ගලික පරිහරණයට යොදා ගෙන ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ හෝ කිසිදු වාහනයක් අනිසි ලෙස භාවිත නොකල බවයි.

හිටපු ජනාධිපතිවරයා සඳහා වෙන් කල නිල රථය ජාතික උත්සව අවස්ථාවකදී හැර වෙනත් කිසිදු අවස්ථාවක භාවිත කර නොමැති බවයි පෞද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හිටපු සෑම ජනාධිපතිවරයෙකුගේම ආරක්ෂාව සඳහා ප්‍රතිපාදන සහ ආරක්ෂක අනුඛණ්ඩ වෙනුවෙන් වාහන වෙන් කිරීම සිදු කෙරෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා ඇති ආරක්ෂක අනුඛණ්ඩයට ද අවශ්‍යතාවට සරිලන පරිදි වාහන වෙන්කර ඇති බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර පැවසුවේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිටත් භාවිත කරනු ලබන්නේ ඔහුගේ පෞද්ගලික මෝටර් රථය පමණයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ ආහාරපානවලට රුපියල් නව ලක්ෂ 50,000ක් රජය විසින් දරන බවට පලවන වාර්තාද අසත්‍ය බවයි පෞද්ගලික ලේකම් සුධීෂ්වර බණ්ඩාර නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

“1986 අංක 4 දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත” මඟින් ජනාධිපතිවරයෙකු විශ්‍රාම යෑමෙන් පසු ලැබිය යුතු දීමනා, මූල්‍ය සහ වෙනත් ප්‍රතිපාදන පිළිබඳ පැහැදිළිව දක්වා තිබෙන අතර හිටපු සෑම ජනාධිපතිවරයෙකු වෙනුවෙන්ම වෙන් කෙරෙන එම මූල්‍ය ප්‍රතිපාදන වලට පරිබාහිරව කිසිදු මූල්‍යමය ප්‍රතිපාදනයක් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහා වෙන් කර නොමැති බව වගකීමෙන් යුතුව පෙන්වා දෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21