හිටපු ජනපතිගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට දුන් දඬුවම ස්ථිර වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු වන කුසුම්දාස මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළ සිර දඬුවම අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථිර කර තිබෙනවා.

2018 වසරේ මැයි මස කන්තලේ සීනි කම්හලේ යන්ත්‍රෝපකරණ පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54ක අල්ලසක් ඉල්ලා ඉන් මිලියන 20ක් ලබාගත් බවට චෝදනා කරමිනුයි අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණා.

එම චෝදනාවලට වරදකරු කෙරුණු කුසුම්දාස මහානාම නමැති විත්තිකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20ක සිරදඬුවම් හා රුපියල් 65,000ක දඩයකුයි නියම කර තිබුණේ.

ඊට අමතරව පියදාස දිසානායක නමැති විත්තිකරුට ද බරපතළ වැඩ සහිත වසර 12ක සිරදඬුවම් නියම කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊට අමතරව ඔහුට රුපියල් 50,000ක දඩයක් ද නියම කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10