කාදිනල්වරයෙකුට වසර පහකට වැඩි සිරදඬුවමක්

හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප් වහන්සේගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය මඟින් වසර 05යි මාස 06ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.

ඔහුට එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනාවලට අධිකරණය ඉදිරියේ ඔප්පුවීමත් සමඟ මෙම දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරදඬුවමට අමතරව යුරෝ 8,000ක දඩ මුදලක් ද ඔහුට පැනවීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.

වතිකානයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 200.5ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් මොහුට එරෙහිව එල්ල වී තිබුණා.

එම චෝදනාවන්ට සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් පසු ඊයේ (16) දිනයේ දී මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඇන්ජලෝ බෙචු පාප් ධුරය සඳහා ද සුදුස්සෙකු ලෙස සැලකූ අතර, රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගුරුවරයකු
වතිකානු අපරාධ අධිකරණය මඟින් වරදකරුවෙකු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?