කාදිනල්වරයෙකුට වසර පහකට වැඩි සිරදඬුවමක්

හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප් වහන්සේගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වාතිකානු අපරාධ අධිකරණය මඟින් වසර 05යි මාස 06ක සිරදඬුවමක් නියමකර තිබෙනවා.

ඔහුට එල්ල වී තිබූ මූල්‍ය අපරාධ චෝදනාවලට අධිකරණය ඉදිරියේ ඔප්පුවීමත් සමඟ මෙම දඬුවම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිරදඬුවමට අමතරව යුරෝ 8,000ක දඩ මුදලක් ද ඔහුට පැනවීමටයි අධිකරණය කටයුතු කර ඇත්තේ.

වතිකානයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 200.5ක මුදලක් අවභාවිත කරමින් ඉතාලි ව්‍යාපාරිකයකු ළඟ ආයෝජනය කිරීම ඇතුළු මූල්‍ය අපරාධ චෝදනා කිහිපයක් මොහුට එරෙහිව එල්ල වී තිබුණා.

එම චෝදනාවන්ට සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් පසු ඊයේ (16) දිනයේ දී මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

ඇන්ජලෝ බෙචු පාප් ධුරය සඳහා ද සුදුස්සෙකු ලෙස සැලකූ අතර, රෝමානු කතෝලික පල්ලියේ හිටපු අගරදගුරුවරයකු
වතිකානු අපරාධ අධිකරණය මඟින් වරදකරුවෙකු කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයවීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් Airport එකත් වී ගබඩා කරන තැනක් කළා - හොරු අල්ලනවා කියන සන්දර්ශනයෙන් මිනිස්සුන්ව මුලා කරලා
02:46
Video thumbnail
විධායකය විසින් අධිකරණයට තෑග්ගක් දෙන්නද යන්නේ ?අදත් හදිසියේම හමුවුණු ඒකාබද්ධ විපක්ෂය
04:18
Video thumbnail
බලය නොලැබීමේ බියෙන්ද ඉන්නේ ආණ්ඩුව ? - බලය ගන්න කළින් මාස 6න් ගොඩ දානවා කිව්වා
04:36
Video thumbnail
මුදල් වංචා වුණේ නෑ කියනවා නෙවෙයි අපි - යටපත් කරන්නේ නෑ - අපිත් පිරිසිදු වෙන්න ඕනි
05:47
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන අහද්දි මාලිමා මන්ත්‍රීගේ කතා බහ උණුසුම් වෙයි - කිසි වංචාවක් කරලා නෑ
06:30
Video thumbnail
ආණ්ඩුව කරලා තියෙන සංවර්ධන ව්‍යාපෘති මොනවද ?නාස්තිකාර දේශපාලන සංස්කෘතිය අපි ඉවත් කළා
08:22
Video thumbnail
Praharaya| ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි සහභාගිවන ප්‍රහාරය වැඩසටහන
01:25:18
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහල් දෙන්න තීරණයක් කළේ නෑ..යෝජනාවක් විතරයි
10:35
Video thumbnail
කසිප්පුකාරයා කිව්ව එක ගැන අහද්දි චන්දනට කට උත්තර නැතිවෙයි ?කිසිසේත්ම එහෙම ආමන්ත්‍රණයක් නෑ
08:42
Video thumbnail
අමෙරිකාවට හෙම්බිරිස්සාවක් හැදෙද්දි අපිට නිවිමෝනියාව හැදෙන ආර්ථිකයක්ද තාම තියෙන්නේ ?
07:39