හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක් ගොනු වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින්.

එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන් ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාර ව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
14
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34