spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව පෙත්සමක් ගොනු වෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ඒ නීතිඥ දිමිත්‍රි ශිරාස් ඔගස්ටස් පිට්‍රාංජලී විසින්.

එහි වගඋත්තරකරු ලෙස හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටින්නේ ඉකුත් 8 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකළ එවක ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයාට අපහාසයක් වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවයි.

එම ප්‍රකාශය තුළින් හිටපු අමාත්‍යවරයා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගේ චරිතයට සහ ඔහුගේ වෘත්තීය ජීවිතයට දැඩි අගතියක් මෙන් ම හානියක් සිදුකර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ප්‍රකාර ව උපරිමාධිකරණ විනිසුරුවරු සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයන් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍යවරයා විසින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ අනුව මෙම කරුණු සම්බන්ධයෙන් වගඋත්තරකාර අමාත්‍යවරයා වෙත අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු විමසා නොතීසි නිකුත් කරන ලෙසත්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහි ව සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
4
+1
14
+1
2
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?