හිටපු ක්‍රිකට් නායකයාට වෙඩි තැබූ අයෙක් අත් අඩංගුවට

2002 වර්ෂයේ දී මෙරට 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ ධම්මික නිරෝෂන් ඝාතනයට සැකපිට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව ප්‍රකාශ කළේ.

පොලිස් අත් අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් හෙළිදරවු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ පාතාල ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට බවයි අම්බලන්ගොඩ පොලිසිය සැක පළ කරන්නේ.

කලෙක සිට මෙම පුද්ගලයා විදෙස් රටක සේවය කර ඇති අතර ඔහු දින කිහිපයකට ඉහතදී දිවයිනට පැමිණ තිබෙනවා.

‘ජොන්ටි’ යන අන්වර්ථ නාමයෙන් ගම් ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම පුද්ගලයා මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ ගෝලයෙකු බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මරා දැමීමට සූදු පොළක ඇති වූ ආරවුලක් ද හේතු වී ඇති බවට ද පොලිසියට කරුණු අනාවරණය වෙමින් තිබෙන බවත් සඳහන්.

අම්බලන්ගොඩ – බෝගහවත්ත ප්‍රදේශයේ දී, මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය වූයේ පෙරේදා (16) රාත්‍රියේ දී වන අතර ඔහු සිය සගයෙකුගේ නිවසෙහි අවමංගල උත්සවයකට සහභාගී වීමට යාම සඳහා සූදානම් වී තිබෙනවා.

එම අවස්ථාවේ ඝාතනයට ලක් වූ තැනැත්තා නිවසින් එළියට බැස ඇති අතර, නිවස පිටිපස ඇති පාළු ඉඩමකින් ආ නාඳුනන තුවක්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පා ගමනින් ම පලා ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම හිටපු ක්‍රිකට් නායකයා තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්වූ අයෙක් වන අතර; ඔහු ක්‍රීඩා කරන සමයේ දී උපුල්
තරංග, ෆර්වීස් මහරූෆ්, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, වැනි ක්‍රීඩකයින් ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කර තිබෙනවා.

මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ සහ කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලි දෙක අතර කලක පටන් පවතින ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?