හිටපු ක්‍රිකට් නායකයාට වෙඩි තැබූ අයෙක් අත් අඩංගුවට

2002 වර්ෂයේ දී මෙරට 19 පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් කටයුතු කළ ධම්මික නිරෝෂන් ඝාතනයට සැකපිට එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වනවිට (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මේ බව ප්‍රකාශ කළේ.

පොලිස් අත් අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් හෙළිදරවු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ පාතාල ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට බවයි අම්බලන්ගොඩ පොලිසිය සැක පළ කරන්නේ.

කලෙක සිට මෙම පුද්ගලයා විදෙස් රටක සේවය කර ඇති අතර ඔහු දින කිහිපයකට ඉහතදී දිවයිනට පැමිණ තිබෙනවා.

‘ජොන්ටි’ යන අන්වර්ථ නාමයෙන් ගම් ප්‍රදේශයේ ප්‍රසිද්ධියක් ඉසිලූ මෙම පුද්ගලයා මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින කොස්ගොඩ සුජීගේ පාර්ශ්වයේ ගෝලයෙකු බවටත් තොරතුරු වාර්තා වී ඇති බවයි පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා මරා දැමීමට සූදු පොළක ඇති වූ ආරවුලක් ද හේතු වී ඇති බවට ද පොලිසියට කරුණු අනාවරණය වෙමින් තිබෙන බවත් සඳහන්.

අම්බලන්ගොඩ – බෝගහවත්ත ප්‍රදේශයේ දී, මෙම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ඝාතනය වූයේ පෙරේදා (16) රාත්‍රියේ දී වන අතර ඔහු සිය සගයෙකුගේ නිවසෙහි අවමංගල උත්සවයකට සහභාගී වීමට යාම සඳහා සූදානම් වී තිබෙනවා.

එම අවස්ථාවේ ඝාතනයට ලක් වූ තැනැත්තා නිවසින් එළියට බැස ඇති අතර, නිවස පිටිපස ඇති පාළු ඉඩමකින් ආ නාඳුනන තුවක්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පා ගමනින් ම පලා ගොස් ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම හිටපු ක්‍රිකට් නායකයා තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්වූ අයෙක් වන අතර; ඔහු ක්‍රීඩා කරන සමයේ දී උපුල්
තරංග, ෆර්වීස් මහරූෆ්, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, වැනි ක්‍රීඩකයින් ඔහුගේ නායකත්වය යටතේ ක්‍රීඩා කර තිබෙනවා.

මෙතෙක් කරන ලද විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ සහ කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලි දෙක අතර කලක පටන් පවතින ගැටුමක ප්‍රතිඵලයක් මත සිදු වූවක් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?