හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට පාර්ලිමේන්තුවේදී අවසන් ගෞරව (ඡායාරූප)

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු වූ අභාවප්‍රාප්ත ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී අවසන් ගෞරව දැක්වූවා.

එමෙන්ම නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද, කැබිනට් අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් ද අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.

හිටපු ජනාධිපතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන, පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය යන මහත්වරුද මෙම අවස්ථාවට එක් වුණා.

ඔවුනට අමතරව, තානාපති නිලධාරීන්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රමුඛ මහලේකම් මඩුල්ල, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයන් හා පාර්ලිමේන්තුවට අනුබද්ධ කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම පවුලේ ඥාතීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

අද පෙරවරු 9ට පමණ ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය රැගත් අවමංගල රථ පෙරහැර පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන පියගැටපෙළ අසලට පැමිණි අවස්ථාවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, පක්ෂ නායකවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිස විසින් දේහය බාරගැනීම සිදු කරනු ලැබුවා.

අනතුරුව දේහය වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරි සහ සහකාර වේත්‍රධාරි පෙරටුකොට ගනිමින් රතු පලස මතින් රැගෙන විත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඉදිරිපස ආලින්දයේ පිහිටි විශේෂ උත්සව ශාලාවෙහි තැන්පත් කිරීමයි සිදු කෙරුණේ.

අනතුරුව කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමෙන් පසුව ශෝක ප්‍රකාශයක්ද සටහන් කළා.

ඉන් පසු නියෝජ්‍ය කථානායක, විපක්ෂ නායක, පක්ෂ නායකවරු, හිටපු ජනාධිපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපති නිලධාරින් මෙන්ම පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය හා කාර්‍ය මණ්ඩලය ද අනෙක් අමුත්තන් ද සිය අවසන් ගෞරව පුද කිරීමට එක්ව සිටියා.

අවමංගල්‍ය කටයුතු අවසන් වූයේ කථානායකවරයා ඇතුළු පිරිස ප්‍රමුඛත්වයෙන් රතු පලස මතින් දේහය අවමංගල්‍ය රථයෙහි යළිත් තැන්පත් කිරීමෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?