හිටපු ඇමති විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම්වරයෙක් රිමාන්ඩ්

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ මාධ්‍යවේදී ප්‍රසාද් මංජු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (10) නියෝග කළා.

සැකකරු, හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අයෙක්.

රාජපක්ෂ පාලන සමයේ විමල් වීරවංශ රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සේවා හා පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ප්‍රසාද් මංජු, ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කර තිබෙනවා.

එම ධුරය දරන අතරතුර, නිල වාහනයක් හෝ ඉන්ධන දීමනාවක් ලබා ගැනීමට හිමිකම් තිබියදී, තමාට වාහනයක් අවශ්‍ය නොවන බව පවසමින්, වංචනික ලෙස ඉන්ධන සහ දීමනා වෙනුවෙන් රුපියල් ලක්ෂ 31 කට අධික (රුපියල් 3,100,000කට වැඩි) මුදලක් ලබාගෙන අවභාවිත කර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

මීට අමතරව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගෙන තිබූ වාහන ද නීතිවිරෝධී ලෙස මාධ්‍ය කටයුතු සඳහා පරිහරණය කරමින් රජයට විශාල වශයෙන් පාඩු සිදු කර ඇති බවටද මූල්‍ය අපරාධ විමර්ශන මගින් අනාවරණය වී තිබුණා.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා ඔහුව අත්අඩංගුවට ගනු ලබුව් .

අද දින සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත්වරයා, විමර්ශන කටයුතු සඳහා සැකකරු ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36