හිටපු ඇමති රවී සහ අර්ජුන් ඇලෝසියස්ට පෙබරවාරි 05 අධිකරණයේ පෙනී ඉන්නැයි නියෝග

හිටපු  අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ රවි කරුණානායක විසින් අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ  සිද්ධියකට අදාළව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.

හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ  2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක්  ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. 

අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන  අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර ඇත .
පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි STF රැකවල් මැද වනාතවිල්ලුවට රැගෙන ගිය 170kgක මත්ද්‍රව්‍ය තොගය විනාශ කළ හැටි
02:36
Video thumbnail
දැඩි විරෝධතා මැද පයින්ම මතුගම සභාපති පොලිසියෙන් රැගෙන යයි.."මේ ක්‍රියාත්මක වෙන්නේ පැලවත්තේ නීතිය"
03:16
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් පාතාලයට රතු එළි.."පාතාලය ඉවර වෙන්නේ අපේ ආණ්ඩු කාලය ඇතුළේ"
05:24
Video thumbnail
මතුගම ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්..පොලිසිය අල්ලන්න එද්දි සේවකයෝ සභාපතිව කාමරයට දාලා වහලා
02:53
Video thumbnail
නුවර එකම ජරමරයක්..නුවර කඩ සාප්පු ඉවත් කරයි..වෙළඳුන් උණුසුම් වෙයි - පොලිසියත් කැඳවයි
05:59
Video thumbnail
වරෙන් වරෙන් හු##..ඔප්පු කරන්න පුළුවන්නම්..අහක යන ප්‍රශ්ණවලට උඹලට බැදෙන්න බෑ රාළහාමි
03:21
Video thumbnail
මෙට්ට ගැන කතා කරපු පුහුණුකරු පොලිසියට කැදවයි..විනාශය පෙන්නුවේ..විවේචනය කරන්න අපිට අයිතියක් තියෙනවා
06:30
Video thumbnail
ජනාධිපති රාමඤ්ඤ, අමරපුර මහා නාහිමිවරු බැහැදැක ආශීර්වාද ලබා ගනී
01:33
Video thumbnail
නවගමුව, කොරතොට සලිත කළ වෙ# වරුසාවේ සුල මුල හෙළිවෙයි
01:17
Video thumbnail
කළුතර හෝටල් හිමියෙකුට අත්වූ බිහිසුණු ඉරණම..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වූ අයුරු
03:20


?