හිටපු ඇමති රවී සහ අර්ජුන් ඇලෝසියස්ට පෙබරවාරි 05 අධිකරණයේ පෙනී ඉන්නැයි නියෝග

හිටපු  අමාත්‍ය රවි කරුණානායක සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට පෙබරවාරි මස 05 වෙනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින් කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඒ රවි කරුණානායක විසින් අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ  සිද්ධියකට අදාළව අල්ලස් කොමිෂන් සභාව ගොනු කර ඇති නඩුවක් සම්බන්ධයෙනි.

හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ  2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක්  ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි. 

අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට  ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන  අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව  චෝදනා එල්ල කර ඇත .
පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති අතර අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05