spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ඇමතිගේ පුතා සජිත් ළගට! තනතුරකුත් දෙයි

රත්මලාන ආසනයේ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ලෙස කීර්තිමත් වෘත්තීයවේදියෙකු වන ධනුෂ්ක කොඩිතුවක්කු මහතා පත්කර තිබෙනවා.

ඊට අදාළ ලිපිය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතින් පෙරේදා(21) දින සමගි ජන බලවේගය කාර්යාලයේදී ධනුෂ්ක කොඩිතුවක්කු මහතාට ලබා දී තිබෙනවා.

විවිධ විෂයානුබද්ධ සහ වෘත්තීයමය සුදුසුකම් රැසක් සම්පූර්ණ කොට ඇති ඒ මහතා මෙරට කීර්තිමත් දේශපාලනඥයෙකු වන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාගේ පුතණුවන් ද වෙයි.

දශක ගණනාවක් මුළුල්ලේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කරුණාසේන කොඩිතුවක්කු මහතා විවිධාකාර අමාත්‍යධුර රැසක් දැරූ කෘතහස්ත දේශපාලඥයකු වනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?