හිටපු අමාත්‍ය සී.බී.රත්නායකට ඇප

මුදල් විශුද්ධීකරණ පනත යටතේ දූෂණය නමැති වරදක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය සී.බී.රත්නායක ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (16) නියෝග කළා.

සැකකරු ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කර සිටියා.

රුපියල් ලක්ෂ 573ට අධික මුදලක් අයථා ලෙස ඉපයු බවට අල්ලස් පනතේ අංක 23 (අ) (1) වගන්තිය යටතේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වත්කම් විමර්ශන අංශය විසින් සිදු කරනු ලබන ලද විමර්ශනයකට අදාළව, ක්‍රීඩා අමාත්‍යංශය, පුද්ගලික ප්‍රවාහන අමාත්‍යංශය සහ පශු සම්පත් අමාත්‍යංශය යන අමාත්‍යංශයන්ගේ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන ලද රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍ර සිරි බණ්ඩාර රත්නායක මෙලෙස අද (16) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

මාර්තු 06 නඩුව යළි කැඳවිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ සෙනඟක් වටවෙලා ඇප ලැබුණු සී.බී.රත්නායකව සළුවක් දාලා පිළිගත් හැටි..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44
Video thumbnail
රන්වල බීලද කියලා බලන්න වෙරි හිදෙනකම් හිටියා
08:22
Video thumbnail
වතුකරයේ පාසල් කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරේ
01:14
Video thumbnail
අත්හිටවූ ඖෂධයක් භාවිතා කරලා දෙදෙනෙකුගේ දිවි අහිමි වෙලා..?චමිල් විජේසිංහ සියල්ල හෙළිකරයි
08:38
Video thumbnail
ජනාධිපතිගේ පට්ටියේ ඉන්න හ#රකෙක් පිට පැනලා
06:22
Video thumbnail
ඔලොමොට්ටල ආණ්ඩුවේ තීන්දු නිසයි ජීවිත ටික අහිමි වුණේ
11:17
Video thumbnail
ඔයා සභාපති පුටුවට සුදුසු නෑ - වැඩි කාලයක් ඉන්නේ නෑ
02:58
Video thumbnail
Breaking News
02:16


?