හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප (වීඩියෝ)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනකුට ඇප හිමි ව තිබෙනවා.

ගම්පහ පළාත් බද මහාධිකරණය විසින් අද (03) පෙරවරුවේ මෙම විත්තිකරුවන් ව ඇප මත මුදා හැරීමට නියෝග කළා.

නඩුවේ විත්තිකරුවන් වන මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාට මෙලෙස ඇප හිමි වූ අතර ඔවුන් තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇපයක් මෙන් ම ලක්ෂ 50ක මුදල් ඇප 05ක් මත මුදා හැරීමට ද අධිකරණය වැඩිදුරටත් නියෝග කළ බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම විත්තිකරුවන්ට විදේශ ගමන් ද තහනම් කෙරුණා.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් ද වළකින ලෙසත් සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකිණීමේ චෝදනාවටයි හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේ.

රක්ෂිත බන්ධනාගාරගත ව සිටි හිටපු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද ගම්පහ මහාධිකරණයේ දී සලකා බැලුණේ ගම්පහ මහාධිකරණ විනිසුරු W.K.D. විජයරත්න මහතා ඉදිරියේ දී යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
15
+1
3
+1
3
+1
3
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?