AFC Banner
Empty Ad
Empty Ad

හිටපු අමාත්‍යවරුන්ට දී තිබූ නිල නිවාස ගැන දැනුම්දීමක්

හිටපු අමාත්‍යවරුන්ට ලබා දී තිබූ නිල නිවාසවලින් මෙතෙක් ආපසු භාර දී ඇත්තේ නිල නිවාස 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පසුගිය රජයේ අමාත්‍යවරුන් සඳහා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් වෙන් කර තිබූ බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් පසන්නේ.

ජනාධිපතිවරණය අවසන් වූ වහාම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙම නිවාස නැවත භාරදෙන ලෙස දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් නිල නිවාස තවදුරටත් රඳවාගෙන සිටින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?