හැටන් – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කෙරේ

නායයෑමේ අවදානම් තත්ත්වයක් හේතුවෙන් හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, නානුඔය ප්‍රදේශයේ මීටර් 300ක පමණ කොටසක් රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට මෙලෙස අද (03) දින සීමා කිරීමට නානුඔය පොලිසිය කටයුතු කළ බවයි.

එම ප්‍රධාන මාර්ගයට ඉහළින් විශාල පැති බැම්මක් කඩා වැටීමත් සමග එම කොටස නායයෑමේ අවදානමක් පවතින නිසා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පසුගිය දින කිහිපය තුළ නුවරඑළිය ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නිවසක පැති බැම්මක් ද ඊයේ (02) දින කඩා වැටී ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?