හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ (08) දින පස්වරුවේ ඝන මිදුම් තත්ත්වයක් පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව හැටන් පොලිසිය පවසනවා.
හැටන් සිට කිතුල්ගල දක්වා මෙම ඝන මිදුම් තත්ත්වය පවතින අතර , හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ රිය ධාවනය කිරිමේදි ඉදිරිපස ප්රධාන ලාම්පු දල්වාගෙන සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
