හාල් මිල වැඩි නොකරන බව කියූ ඩඩ්ලි, අද ජනතාව වෙනුවෙන් ප්‍රසිද්ධියේම ගැටුමක් ඇතිකරගත් ඩඩ්ලි හැමදේම කරන්නේ ජනපති සිහිනයක් නිසාද..?

මෙරට ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන ඇතුළු අනෙකුත් මෝල් හිමියන් පිරිසක් අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ පාලන මිලට සහල් ලබාදීම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින්.

මෙම මාධ්‍ය සාකච්ඡාවට පෙර ඩඩ්ලි සිරිසේන පසුගිය දිනක මාධ්‍ය අමතමින් පැවසුවේ මේ අවස්ථාවේ රටේ ජනතාව පීඩාවට පත්ව ඇති හෙයින් කිසිම අවස්ථාවක සහල් මිල වැඩිකිරීමක් සිදුනොකරන බවයි.කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඩඩ්ලි සිරිසේන හා නිව් රත්න සහල් හිමිකරු සමග ගැටුමක් ඇතිවුණා.

ඒ ඔහුට සහල් මිල වැඩිකිරීමට සිදුවේයැයි නිව්රත්න සහල් හිමිකරු පැවසීමත් සමගයි.එම සිදුවීම ඇතිවන මොහොතේ ඔහු අසල සිටි ව්‍යාපාරිකයෙක් මාධ්‍යයට පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයට සුදුසුම පුද්ගලයා ඩඩ්ලි සිරිසේන බවයි. අසරණයන්ට ඔහු පිහිට වන්නේ මේ නිසා බවත් අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකට මුදල් ඔහු සතුව ඇති බවත් ඒ හේතුවෙන් ඩඩ්ලි සිරිසේන කිසිම අවස්ථාවක සොරකම් නොකරන බවත් අදාල ව්‍යාපාරිකයා මාධ්‍යයට පැවසුවා.ඩඩ්ලි සිරිසේන ජනපති කරවීමට අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කළා.

https://youtu.be/iUeR-oE9yN0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?