හානි වූ ශ්‍රී පාද මාර්ගය යුද හමුදාව මඟින් යථා තත්ත්වයටා පත්කෙරේ

දිට්වා සුලි කුණාටුවෙන් හානියට පත් වූ හැටන් ශ්‍රි පාද මාර්ගයේ මහගිරි දඹ ප්‍රදේශය ශ්‍රී ලාංකා යුධ හමුදාව මගින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර යළිත් එම මාර්ගය ශ්‍රීපාද වන්දනාකරුවන්ට විවෘත කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය පසුගිය 11 වැනිදා ආරම්භ කරන ලද අතර, සියලුම ඉදිකිරීම් ද්‍රව්‍ය “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සපයා ඇති අතර අඩි 300ක් දිග මිලිමීටර් 300ක අතුරු බැම්මක්, අඩි 90ක් දිග මිලිමීටර් 500ක අතුරු බැම්මක්, ආරක්ෂිත බැම්මක් සහ වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සහතික කරමින්, මාර්ගය දිගයේ අත්වැල් සවි කිරීම ද සිදු කෙරුණා.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද සිය සහයෝගය ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?