හානියට පත් ප්‍රධාන මාර්ග සහ පාලම් යථා තත්ත්වයට පත් කිරීම දින 05ක් තුළ

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය මත දිවයිනේ ප්‍රධාන මාර්ග ඇතුළුව මාර්ග පද්ධතියට දැඩි හානි සිදුව තිබෙනවා.

මෙලෙස හානියට පත්ව ඇති මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ පවතින ප්‍රධාන මාර්ග සහ පාලම් ඉදිරි දින 05ක කාලය තුළ තවකාලිකව ප්‍රතිසංස්කරණය කර වාහන ධාවනයට පහසුකම් සලසාදීමට උත්සාහ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් විමල් කණ්ඩම්බි පවසනවා.

මේ වනවිටත් එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ සේවකයින් විසින් ආරම්හ කර ඇති බවත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ප්‍රධාන මාර්ග 256ක් සහ ප්‍රධාන පාලම් 15ක් හානියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?