හසලක OICට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

අත්අඩංගුවට පත් කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මසාහිමා නමැති කාන්තාවක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව හසලක පොලිසියේ ස්ථානාධිපතිවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලිසියේ එවක ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත විසින් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් 30000ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් විනිසුරු මඩුල්ල නියම කළා.

එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමුහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් නියෝගයේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?