AFC Banner
Empty Ad
Empty Ad

හල්දුම්මුල්ලේ නායයාම ගැන ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් පරීක්ෂණයක්

හල්දුම්මුල්ල කැලිපාණාවල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් ඊයේ (9) පස්වරුවේ නායයෑමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 35කට අයත් පුද්ගලයන් 141 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.කේ.ජේ. ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළේ.

නායයාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් එම පවුල් කඩිනමින් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති අතර ඊයේ උදෑසන එම නිවාසවල තිබූ බඩු භාහිරාදිය ද ඔවුන් විසින් ඉවත් කරගෙන තිබුණා.

එලෙස ඉවත් වූ පවුල් ඥාති නිවෙස්වල මේ වනවිට රඳවා ඇති අතර ඔවුන් සඳහා අවශ්‍ය අහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇති බව හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී වසන්ත උදයකුමාර මහතා සඳහන්කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමට ලක්වූ ප්‍රදේශයේ සිදු කළ භූමි පරීක්ෂාවකින් පසු එම ප්‍රදේශය අධි අවධානම් කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පැවැති අධික වර්ෂාවත් සමග මෙම නායයෑම සක්‍රිය වී ඇති අතර අක්කර තිහක පමණ භුමි ප්‍රදේශයක්, කුඹුරු යායක් ඇතුළුව නාය යාමට ලක්වී ඇතැයි සඳහන්. එමෙන්ම නිවාස 6ක් සම්පූර්ණයෙන් ම විනාශයට පත්ව ඇතැයි ප්‍රදේශවාසින් සඳහන් කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ පෙර දිනයේ අවදානම හේතුවෙන් ජනතාව ඉවත් කිරීම හමුවේ සිදුවීමට ගිය විනාශයක් වලක්වා ගැනීමට හැකිවූ බවයි.

තම සංවිධානයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරමින් සිටින අතර ජනතාවට එහි යාමෙන් වලකින ලෙසටයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජෝන්ස්ටන් සගයා බලන්න වැලිකඩට ආපු අප්පච්චී #shaorts #viralvideo #trendingshorts #1millionviews
00:15
Video thumbnail
මඩකලපුව උසාවිය බිය වැද්දූ බෝම්බය - ජනතාව සීසීකඩ දුවයි
01:25
Video thumbnail
මාලිමාවෙන් Warning එකක් - පරීක්ෂණ ආරම්බ උණා විතරයි - හුචු හුචු ගාන්න එපා #npp #akd #arrested
10:02
Video thumbnail
Breaking news 🛑මහින්ද රාජපක්ෂත් වැලිකඩට - සිපිරිගෙට ගිය ජෝනස්ටන් සගයා බලන්න යයි
00:38
Video thumbnail
වැඩ බලන පොලිස්පති සංවේදී වෙයි - ඔක්කොම ආණ්ඩුවෙන් දෙනකන් බලන් ඉන්න එපා
07:31
Video thumbnail
නාමල් ඩේසි ආච්චිගේ මුණුපුරා වගේ - අද විපක්ෂය නන්නත්තාර වෙලා ඉන්නේ #npp #akd #nalindajayatissa
07:00
Video thumbnail
Breaking news🛑ශ්‍රී රංගාගෙන් විශේෂ හෙළිදරව්වක් - රිෂාඩ් බදියුදීන්ගේ පැටිකිරිය එළියට #breakingnews
07:09
Video thumbnail
ලොකු ටෝක්ස් දුන්න පුතාණෝ - රෑට රෑට ඡන්ද සිඟමනේ යයි
05:02
Video thumbnail
බෙංගාල බොක්කේ කැලඹීමෙන් උතුරු මුහදටත් බලපෑම් - අවධානයෙන් සිටින්න
02:18
Video thumbnail
මේ වගේ Media Show දාලා ජනාධිපතිගේ කාරුණික දැක්ම මිනිසුන් අතර වෛරයක් බවට පත්කරන්නේ දූෂිත නිලධාරීන්
06:30

?