හල්දුම්මුල්ලේ නායයාම ගැන ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් පරීක්ෂණයක්

හල්දුම්මුල්ල කැලිපාණාවල අස්වැද්දුම කන්දේ විශාල ප්‍රදේශයක් ඊයේ (9) පස්වරුවේ නායයෑමට ලක්වී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචි පවුල් 35කට අයත් පුද්ගලයන් 141 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ.කේ.ජේ. ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළේ.

නායයාමේ මූලික ලක්ෂණ පහළ වීමත් සමඟ පදිංචි ස්ථානවලින් එම පවුල් කඩිනමින් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති අතර ඊයේ උදෑසන එම නිවාසවල තිබූ බඩු භාහිරාදිය ද ඔවුන් විසින් ඉවත් කරගෙන තිබුණා.

එලෙස ඉවත් වූ පවුල් ඥාති නිවෙස්වල මේ වනවිට රඳවා ඇති අතර ඔවුන් සඳහා අවශ්‍ය අහාර ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇති බව හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී වසන්ත උදයකුමාර මහතා සඳහන්කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමට ලක්වූ ප්‍රදේශයේ සිදු කළ භූමි පරීක්ෂාවකින් පසු එම ප්‍රදේශය අධි අවධානම් කලාපයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

පැවැති අධික වර්ෂාවත් සමග මෙම නායයෑම සක්‍රිය වී ඇති අතර අක්කර තිහක පමණ භුමි ප්‍රදේශයක්, කුඹුරු යායක් ඇතුළුව නාය යාමට ලක්වී ඇතැයි සඳහන්. එමෙන්ම නිවාස 6ක් සම්පූර්ණයෙන් ම විනාශයට පත්ව ඇතැයි ප්‍රදේශවාසින් සඳහන් කළා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ පෙර දිනයේ අවදානම හේතුවෙන් ජනතාව ඉවත් කිරීම හමුවේ සිදුවීමට ගිය විනාශයක් වලක්වා ගැනීමට හැකිවූ බවයි.

තම සංවිධානයේ නිලධාරීන් එම ස්ථානය පරීක්ෂා කරමින් සිටින අතර ජනතාවට එහි යාමෙන් වලකින ලෙසටයි දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16