හරීන්ට ක්‍රීඩා ඇමතිකම ලැබෙද්දී පවිත්‍රාට වාරිමාර්ගය හිමිවෙයි (ඡායාරූප)

රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාගෙන් හිස් වූ අමාත්‍ය ධුර ද්විත්වය පිළිවෙළින් හරීන් ප්‍රනාන්දුට සහ පවිත්‍රා වන්නිආරච්චි වෙත පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දු හටත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවිත්‍රා වන්නිආරච්චි වෙතත් අද පස්වරුවේ දී ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාළ ව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා විසින් ඔහුව ධුරයෙන් අද පස්වරුවේ ඉවත් කෙරුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා 3 හි ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී මෙම ලිපිය භාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

අය වැය කාල වකවානුව බැවින් ඊට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම වෙනුවෙන් කැබිනට් හමුව අද (27) සවස පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සවස පැවැති ඇමති මණ්ඩල හමුවට ඔහු පැමිණි විගස ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් ඔහුට යොමු කර තිබුණු බවයි වාර්තා වන්නේ.

ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබියදී; ක්‍රීඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමග ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයි ද යන්නයි.

දෙවැනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි.

එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටිය දී මෙලෙස කිරීම ගැටළුවක් බව ද පෙන්වා දී තිබෙනවා.

එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තර වීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳ ව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහු ව ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය භාරදීමටයි පියවර ගැනුණේ.

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධුරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ලෙසටයි මෙය ඉතිහාසගත වන්නේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ලිපියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍යාංශයෙන් අද පස්වරුවේ ම පිට ව ගිය බවට වාර්තා වුණා.

ඉන් පිටත්ව යන මොහොතේදී ද මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ; ක්‍රීඩාවේ දූෂණය නැවැත්වීමට තමන් දිගට ම පෙනී සිටින බවයි.

තමන් මීට පෙර ද ඕනෑ තරම් තනතුරු අත් හැර ගිය අයෙකු බව ද, ඒවා තාවකාලික දේවල් පමණක් බව ද රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
3
+1
15
+1
4
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?