හරීන්ට ක්‍රීඩා ඇමතිකම ලැබෙද්දී පවිත්‍රාට වාරිමාර්ගය හිමිවෙයි (ඡායාරූප)

රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාගෙන් හිස් වූ අමාත්‍ය ධුර ද්විත්වය පිළිවෙළින් හරීන් ප්‍රනාන්දුට සහ පවිත්‍රා වන්නිආරච්චි වෙත පිරිනැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය හරීන් ප්‍රනාන්දු හටත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවිත්‍රා වන්නිආරච්චි වෙතත් අද පස්වරුවේ දී ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ක්‍රීඩා අමාත්‍යාංශයට හා වාරි මාර්ග අමාත්‍යාංශයට අදාළ ව ජනාධිපතිවරයා යොමු කළ ප්‍රශ්න දෙකකට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝෂාන් රණසිංහට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකි වීම නිසා ජනාධිපතිවරයා විසින් ඔහුව ධුරයෙන් අද පස්වරුවේ ඉවත් කෙරුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේ කමිටු ශාලා 3 හි ඇමති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී මෙම ලිපිය භාරදීමට ජනාධිපතිවරයා පියවර ගත්තා.

අය වැය කාල වකවානුව බැවින් ඊට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීම වෙනුවෙන් කැබිනට් හමුව අද (27) සවස පාර්ලිමේන්තු සංකිර්ණයේ දී පැවැත්වීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සවස පැවැති ඇමති මණ්ඩල හමුවට ඔහු පැමිණි විගස ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න දෙකක් ඔහුට යොමු කර තිබුණු බවයි වාර්තා වන්නේ.

ඉන් පළමුවැන්න ලෙස ජනාධිපතිවරයා විමසා තිබුණේ ක්‍රිකට් අර්බුදය විසදා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලය විසින් අනු කමිටුවක් පත් කර තිබියදී; ක්‍රීඩා ඇමතිවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කාර්යාලය වෙත ගොස් සජිත් ප්‍රේමදාස හා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සමග ක්‍රිකට් අර්බුදය විසඳීම සඳහා ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය හරහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කළේ ඇයි ද යන්නයි.

දෙවැනි පැනය ලෙස මහවැලි ඉඩම් බෙදා දීම වෙනුවෙන් ඇමතිවරයා ලෙස ඔහු ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර තිබූ පිරිසෙන් බහුතරයක් ඔහුගේ දේශපාලන හිතවතුන් සහ ඥාතී මිත්‍රාදීන් වූවේ ඇයි ද යන්නයි.

එසේ කළේ මන්දැයි විමසා ඇති ජනපති ඉඩම් හිමි අහිංසක ජනතාව සිටිය දී මෙලෙස කිරීම ගැටළුවක් බව ද පෙන්වා දී තිබෙනවා.

එම ප්‍රශ්න දෙකටම ඇමතිවරයා නිරුත්තර වීම තුළ කැබිනට් මණ්ඩල සාමුහිකත්වය කඩ කිරීම පිළිබඳ ව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා විසින් ඔහු ව ඇමති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය භාරදීමටයි පියවර ගැනුණේ.

කැබිනට් සාකච්ඡාවකින් පසු ඇමතිවරයෙක් සිය ධුරයෙන් ඉවත් කළ පළමු ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ ලෙසටයි මෙය ඉතිහාසගත වන්නේ.

මේ අතර ජනාධිපතිවරයාගේ ලිපියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍යාංශයෙන් අද පස්වරුවේ ම පිට ව ගිය බවට වාර්තා වුණා.

ඉන් පිටත්ව යන මොහොතේදී ද මාධ්‍යය වෙත අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ; ක්‍රීඩාවේ දූෂණය නැවැත්වීමට තමන් දිගට ම පෙනී සිටින බවයි.

තමන් මීට පෙර ද ඕනෑ තරම් තනතුරු අත් හැර ගිය අයෙකු බව ද, ඒවා තාවකාලික දේවල් පමණක් බව ද රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24