හරියට මාත්‍රාව අරන් නැති අය ගැන මම වග නොකියමි – ධම්මික

කාලි මෑණියන් සිහිනෙන් කියූ වට්ටෝරුවක් උපයෝගී කරගෙන තැනූ බව කියමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර (ධනපාල කංකානම්ගේ) කපු මහතා කොරෝනා සුව කරන බවට ප්‍රසිද්ධ කළ පැණිය පානය කළ කෑගල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාගේ පවුලේ සියලු දෙනාට සහ එම පැණිය ඡායාරූප ගතවෙමින් පානය කළ රාජ්‍ය ඇමති පියල් නිශාන්තට කොරෝනා රෝගය මේවනවිට වැළඳී අවසන්ය.

මේ හේතුවෙන් පැණිය ගැන විශ්වාසය දැන් හීනවී ඇති පසුබිමක මෙම පැණිය ප්‍රවර්ධනය කළ මාධ්‍ය තවදුරටත් ධම්මික පැණියට වැරදුනේ නැති බව ඔප්පු කිරීමට සිය මාධ්‍ය හසුරුවන බව දක්නට ලැබේ.එක් මාධ්‍යයකින් වාර්තා කර ඇත්තේ මෙම අසාර්ථකත්වය ගැන ධම්මික බණ්ඩාර විමසීමේදී තමා ප්‍රකාශ කරන අන්දමට අදාළ ඖෂධය පානය කළේ නම් කිසිවෙකුටත් කොරෝනා වෛරසය වැළදීම සිදුනොවන බව කියා ඇති බවයි.

කෙසේ නමුත් පවුලේ සියලු දෙනාට කොරෝනා වැළඳුණ බව කියූ කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී ශිලන්ත විජේපාල කියන්නේ ධම්මික බණ්ඩාර ප්‍රකාශ කරන සියළුම ක්‍රමවේද අනුගමනය කරමින් පැණිය පානය කළ ද තමන් ඇතුළු පවුලේ සියළු දෙනාට කොරෝනා වැළදුණු බවය.ඔහු නිරෝධායනය වෙමින් සිටින අතර යූටියුබ් නාලිකාවකට අදහස් දක්වමින් දන්වා ඇත්තේ තමා ඇතුළු පවුලේ අය මස් මාළු අනුභවය පවා නවතා ඖෂධය වෙනුවෙන් පේවී එම මාත්‍රා පිළිවෙල නිසියාකාරව අනුගමනය කළත් ධම්මික පැණියෙන් ගුණයක් නොතිබූ බවයි.

මේ අතර කොග්ගල ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක සත්කාර ලබමින් පසුවන රාජ්‍ය ඇමති පියල් නිශාන්තගෙන් ධම්මික පැණිය ගැන අසන්නට කතාකළ පුවත්පත් මාධ්‍යවේදියෙකුට පියල් නිශාන්ත මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ. ධම්මික පැණිය පියල් පානය කළේ පාර්ලිමේන්තුවේ පමණක් නොවේද යන්න කියවා ගැනීමට එම මාධ්‍ය වේදියාට උවමනාවී ඇත. නමුත් පියල් නිශාන්ත මහතා පවසා ඇත්තේ කොරෝනා රෝගය වැළඳුණු කෙනෙක් හැටියට තමාට කිව හැක්කේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රජයේ වැඩපිළිවෙළට අනුගත වෙමින් සියල්ලන් හොඳින් කටයුතු කරන්නේ නම් මෙම රෝගයෙන් වැළකී සිටීමට හැකි වන බව පමණක් බවත් ධම්මික පැණිය කථානායකවරයාට දුන් අවස්ථාවේදී තමාද එය පානය කළ නමුත් මෙම අවස්ථාවේ පැණි ගැන කතා කිරීම ඵලක් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?