AFC Banner
AFC Banner
Empty Ad

හරියටම ඔත්තුව දුන්නොත් පොලිසියෙන් මිලියනයක ත්‍යාගයක්

අපරාධයක් සම්බන්ධයෙන් නිවැරදි, සාර්ථක තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව 2024.12.24 දින රාත්‍රී කාලයේ වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකරුවන් සම්බන්ධයෙන් සර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට මෙම රුපියල් මිලියනයක ත්‍යාග මුදල ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

එම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය රකින බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

ඒ, අනුව මෙම අපරාධට සම්බන්ධව තොරතුරක් දන්නේ නම් 071 – 8591244 (කොට්ඨස භාර නිලධාරී කුරුණෑගල) හෝ 071 – 8591882 (පොලිස් මාධ්‍ය ප්‍රකාශක) යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?