හරින් කළු සාටකයක් ඇඳ පාර්ලිමේන්තු එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(20) කළු සාටකයක් පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය.

සිය සහෝදර මන්ත්‍රීවරයකු වන, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වී සිරදඬුවම් නියමව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට සහය දැක්වීමක් වශයෙන් මන්ත්‍රීවරයා මෙම පියවර ගෙන තිබිණි.

රංජන් රාමනායක මහතාට සාධාරණයක් ඉටු වී, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර ලබාදෙන තුරු තමා මේ ආකාරයට කළු සාටකයක් පැළඳ පැමිණෙන බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළේය.

(ඡායාරූපය – පාර්ලිමේන්තු වෙබ් අඩවියෙනි)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?