හරිණි දුව ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිහින් අතුරුදන් වූ බව කියන පුද්ගලයා ගැන සැකයක්

පසුගිය (25) වනදා බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සඳහා බහු දින ධීවර යාත්‍රාවකින් මුහුදට ගොස් සිටියදී එදිනම රාත්‍රීයේ එම යාත්‍රාවේ සිටි බලපිටිය, අම්පෙ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මුහුදට වැටී අතුරුදහන් වී ඇති බව එම ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු විසින් ධීවරයාත්‍රා හිමිකරුට පවසා තිබුණා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර රාත්‍රී නමයට පමණ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

එසේ ධීවර කටයුතු සඳහා ගමන් ගත් ධීවරයාත්‍රාව ඊයේ (27) සවස බේරුවල ධීවර වරායට නැවත පැමිණීම සිදු කරන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීම සඳහා බේරුවල පොලිසිය විශේෂ පොලිස් කණ්‌ඩායමක් යොදවා එම ධීවරයින් එම ධීවරයාත්‍රාවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කටයුතු සිදු කරන තිබෙනවා.

මීට අමතරව කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එම ධීවරයාත්‍රාව විශේෂ පරීක්ෂාවට ලක් කිරීම සිදුකර ඇති අතර මේ වන විටත් මුහුදට වැටී අතුරුදහන් වූ කියන පුද්ගලයාගේ මළ සිරුර සොයාගෙන නොමැත.

එසේ මුහුදට වැටී අතුරුදහන් වූ පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශ කරන්නේ, දරුවන් දෙදෙනෙකු සිටින ඇයගේ ස්වාමියා අතුරුදහන් වීම දරා ගත නොහැකි බවත් මෙම මරණය සම්බන්ධයෙන් ඇයට සැක කටයුත්තක් පවතින බවත්ය.

බේරුවල පොලිසිය එම ධීවරයාත්‍රාවේ සිටී ඉතිරි හය දෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන අතර මෙම මරණය කෙසේ සිදුවුයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බේරුවල පොලිසිය සඳහන් කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?