හරක් ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයා රෝහලේ

අයාලේ යන ගව රංචුවකගේ ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකළ පුවතක් කුඩා වස්කඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස ගවන්ගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා මේ වන විට කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කුඩා වස්කඩුව ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටිය දී මෙම පුද්ගලයා මෙලෙස ගවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇති අතර, ගව රංචුව වම පුද්ගලයාව වටකරගෙන සිටිය දී ඒ අසලින් ගමන් කළ යතුරුපැදිකරුවෙක් ගව රංචුව පන්නා දමා ඔහුව බේරාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ අයාලේ යන ගවයින් දිනෙන් දින වැඩි වී ඇති බවයි.

ඒ, අනුව අයාලේ යන ගවයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීන් කළුතර ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?