හරක් කටාට අයිති කෝටි 70ක කුඩු තොගයක් අල්ලයි

හක්මන ප්‍රදේශයේදී අද (10) උදෑසන හරක් කටා නැමැත්තාට අයත් බවට සැලකෙන මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුඩු කිලෝ 68ක් එහි තිබී ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටි 70කට ආසන්නයි.

පුද්ගලයකු සමග කාන්තාවක් අදාළ මත්කුඩු තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ෆේස්බුක් හරහා හදුනාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.පසු ගිය සතියේ හෙරොයින් සමග අත්අඩංගුවට ගනු ලැබූ ආරක්ෂක අංශ සාමාජිකයන් කිහිප දෙනා සහ මෙම මත්ද්‍රව්‍ය තොගය අතර යම් සම්බන්ධයක් පවතින බවට සැකයක්ද ආරක්ෂ අංශ වෙත මතුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?