පාස්කු ප්‍රහාරයට අදාළව ඊබ්‍රහිම්ගේ නිවසින් අත්අඩංගුවට ගත් දේපල මුදා හැරීමට නියෝගයක්

පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ දෙමටගොඩ මහවිල ගාඩ්න්ස්හි නිවසේ පදිංචිව සිටි දෙවන සැකකාර ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් යන අයගේ නිවසේ තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ මැණික් ඇතුලු දේපල ඔහුගේ සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ් යන අයට සතියක් තුළ මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය සිදු කර ඇත්තේ විරෝධතා ගොනු කිරීමට සාධාරණ කාලයක් ලබා දීමෙන් අනතුරුව බව කී මහේස්ත්‍රාත්වරයා එසේ නොකරන්නේ නම් අධිකරණයට අගෞරව කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව නෛතික පියවර ගන්නා බවද අධිකරණයට දැන්වුවා.

මෙම රන්භාණ්ඩ අයත් තමන්ට බවට පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයකට බෝම්බ ප්‍රහාරයක් සිදු කරමින් මියගිය ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් , දෙමටගොඩ නිවසේ පිපිරී ගිය බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් දෙදෙනාගේ සොහොයුරු සහ දෙමටගොඩ නිවසේ පිපුරුණු බෝම්බයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ වන ජිෆ්රි ෆාතිමා යන අයගේ මස්සිනා වන ඉෆ්ලාල් අහමඩ් යන අය එම භාණ්ඩ තමන්ට අයත් බවත් එම භාණ්ඩ මුදා හරින ලෙසත් නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සම්බන්ධයෙන් නියෝගය සිදු කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළා.

පූර්වගාමී මහේස්ත්‍රාත්වරයෙක් සිදු කළ නියෝගයක් සම්බන්ධයෙන් තවත් විනිසුරුවරියක් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් සිදු කර ඇතත් එම නියෝගයත් නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කර ඇති බව කී මහේස්ත්‍රාත්වරයා සතියක් තුළ එකී භාණ්ඩ මුදා හරින ලෙසට නියෝග කර සිටියා.

මෙම නියෝගය සිදු කිරිමට පෙර පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා දැක්වීමට සාධාරණ කාලයක් ලබා දී තිබෙනවා.

එහිදී කිසිදු කරුණක් දක්වා තිබුණේ නැහැ. පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයා සිදු කර ඇති නියෝගය සම්බන්ධයෙන් ඉන් පසුව මෙම අධිකරණයේ කටයුතු කළ පූර්වාගාමී මහේස්ත්‍රාත්වරයි හමුවේ එම භාණ්ඩවලට අයිතිවාසිකම් කියමින් එමත් පාර්ශවය සිදු කළ ඉල්ලීමක් සලකා බලා වාර්තාවක් කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබියදී එම නියෝග නොසලකා හැර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා. ඒ අනුව අදින් සතියක් තුළ මෙම භාණ්ඩ ඉල්ලීම්කාර පාර්ශවයට මුදා හැරීමට කටයුතු කළ යුතුයි. අධීකරණ නියෝග පැහැර හැරීම, මග හැරීම මත අධිකරණයට පඅහාසයක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එරෙහිව පියවර ගන්නවා යැයි සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියා.

එම භාණ්ඩ මේ වනවිට මහ බැංකුවේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වමින් ඒ සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ මෙම භාණ්ඩ සතියක් තුළ මුදා හැරිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07
Video thumbnail
චෞර වළල්ලට අධිභාරය ගැන ඔත්තුව කළින් දීලා - විමල්ගෙන් වාහන අධිභාරය ගැන ප්‍රබල හෙළිදරව්වක්
05:15
Video thumbnail
බණ්ඩාරවෙල එළවළු තොග වෙළෙඳපොළේ සූදූපොළක් පොලිසියෙන් වටලයි..10 දෙනෙකු අත්අඩංගුවට
01:40
Video thumbnail
අන්තරේ පැටව් ටිකට නීතිය ගොළුයි..දැන් අපිට පොලිසියට එන්න කියලා - විමල්ට යකා නගියි
02:56
Video thumbnail
මුදල් ඇමති දැන් පොර ටෝක් දෙනවා - තිස්සකුට්ටි සැරටම දෙයි..පළපුරුදු ජනපතිලා තාමත් ජීවතුන් අතර ඉන්නවා
04:18
Video thumbnail
සපත්තු දෙකක් නැතුව පොලිස් මහත්තයා රාජකාරිය කරන්නේ..පාර වතුරට යටවෙලා..ෆුල් ට්‍රැෆික් එක
01:42
Video thumbnail
දික්ඔයේ අඹුසැමි යුවලක් එළොව යැවූ සැකකරුගේ CCTV දර්ශන එළියට..පොලිසිය මහජන සහය පතයි
01:38