හරක් කටාගේ නඩුවක සාක්ෂි විමසීම කල් යයි – කබායකට මුවා වී හරක් කටා උසාවියට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා ඇති නඩුවක වැඩිදුර නඩු සාක්ෂි විභාගය ලබන 07 වන මස 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළා.

එම නඩුවේ සාක්ෂි විභාගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් පැමිණිල්ල මෙහයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම නඩුවේ සාක්ෂි විමසීම මෙලෙස කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.

එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සක්ෂි ලබාදීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි ඉන්ද්‍රානි ඩයස් නැමැති පැමිණිල්ලේ සාක්ෂිකාරියට ඉදිරි නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කළේ.

2015-06-10 වනදා මුල්ලේරියාව ප්‍රදේශයේ මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී සිදුකළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් හරක් කටාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මේ අතර අද දිනයේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ ඔහුගේ ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට නොහැකි වන ආකාරයට ආවරණය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබු බවයි ‘දසත නිවුස්’ අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?