හරක් කටාගේ නඩුවක සාක්ෂි විමසීම කල් යයි – කබායකට මුවා වී හරක් කටා උසාවියට

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කුවෙක් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා ඇති නඩුවක වැඩිදුර නඩු සාක්ෂි විභාගය ලබන 07 වන මස 15 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළා.

එම නඩුවේ සාක්ෂි විභාගය අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණත් පැමිණිල්ල මෙහයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම මෙම නඩුවේ සාක්ෂි විමසීම මෙලෙස කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර සිටියේ.

එමෙන්ම පැමිණිල්ල වෙනුවෙන් සක්ෂි ලබාදීම සඳහා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි ඉන්ද්‍රානි ඩයස් නැමැති පැමිණිල්ලේ සාක්ෂිකාරියට ඉදිරි නඩු දිනයේ දී අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි නියෝග කළේ.

2015-06-10 වනදා මුල්ලේරියාව ප්‍රදේශයේ මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී සිදුකළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් හරක් කටාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මේ අතර අද දිනයේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ ඔහුගේ ඡායාරූප ගැනීමට හෝ වීඩියෝ ගත කිරීමට නොහැකි වන ආකාරයට ආවරණය කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කටයුතු කර තිබු බවයි ‘දසත නිවුස්’ අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04